බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාශයේ හිටපු ප‍්‍රධාන සංවිධායක මංජු ශී‍්‍ර අරංගල මහතා අද (18) දින කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය.
පරණ පාර මීගොඩ ප‍්‍රදේශයේ ඉපිද මීගොඩ ගැහැණුගල කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාර මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් හා කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා දිවංගත හිටපු අමාත්‍ය ගාමිණි ජයසූරිය මහතා සමඟ එක්ව වර්ෂ 1977 සිට කි‍්‍රයාකාරී දේශපාලනයට පිවිස තිබේ.
පසුව හෝමාගම විවිධ සේවා සමූපකාරය හෝමාගම ප‍්‍රාදේශීය සභාව ආදී ආයතනවල සභාපති ධූරය දැරූ ඒ මහතා පසුව බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන ලදී.
ඒ මහතා මිය යන විට 63 වැනි වියේ පසුවූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට සිදුව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
