මේ වන විට පොදුජන පෙරමුණ පක්ෂය අභ්‍යන්තරයේ ඇතිවී තිබෙන අවුල විසඳා දෙන ලෙස නායකත්වයෙන් ඉල්ලීමක් කළ බව ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.
පක්ෂය තුළ මේ වන විට හැඳි දෙකකින් බෙදන ප්‍රතිපත්තියක් ඇති බවත් තමන් ඊට විරුද්ධ බවද ඔහු පැවසීය.
කෙසේ නමුත් තමන් එක්සත් ජාතික පක්ෂයට යාමට තීරණයක් ගෙන නැතැයිද පවසන මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට ගියා කියා වෙනස් විදියට සලකනවා නම් එය අනුමත කළ නොහැකි තත්වයක් බවත් පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව අනුව නොගොස් මේ වන විට පොදුජන පෙරමුණ වෙත පැති මාරු කර තිබෙන මන්ත්‍රීවරුන් රැසක් මේ වන විට පොදුජන පෙරමුණේ පැරණි සාමාජිකයන්ගේ විවිධ අඩම්දෙට්ටම් සහ නොතකා හැරීම් හේතුවෙන් දැඩි අසරණ භාවයකට පත්ව සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ බව පෙර සිටි දන සිටි හෙයින් ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් බහුතරයක් ශ්‍රීලනිප - පොහොට්ටු සන්ධානයක් අනවශ්‍ය බවත් ඒ හරහා පක්ෂය නැත්තට නැතිවී යාමේ අවධානමක් ඇති බව ජනාධිපතිවරයාට දන්වා ඇති බවත් වාර්තා වෙයි.
ඒ බව ඔවුන් ජනාධිපති සිරිසේන විසින් පසුගියදා ඉදිරිපත් කල ප්‍රශ්නාවලියට පිළිතුරු සැපයීමේදී ද සඳහන් කර ඇති බවත් ඒ බව ඊයේ (06) මධ්‍යම කාරක සභා හමුවේදීද දන්වා ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
