රාජ්‍යය බුද්ධි සේවය කෝකටත් තෛලයද? 'ලංකා ගාර්ඩියන්' කතු වැකිය

රාජ්‍යය බුද්ධි සේවය කෝකටත් තෛලයද? 'ලංකා ගාර්ඩියන්' කතු වැකිය

ඕනෑම බොරුවක් ජනතාව අතරට යැවීම සඳහා මෙරට නිර්මාණය වී ඇති පාරසරික සහ සංස්කෘතික තත්වය ඉතාම අප්‍රසන්න වාතාවරණයක් නිර්මාණය කොට ඇති කුණු කන්දකින් හමන දුර්ගනදය හා සමානය. ඉවත් නොකරන කුණු ගොඩක් අසල ගෙවා දමන ජීවිත එම කුණුගොඩ සහ එහි දුර්ගන්දය සමඟ ජීවත් වීමට හුරුවේ. ශ්‍රී ලංකාව සමස්ථයක් ලෙස අත්විඳිමින් සිටින්නේ එම අවාසනාවන්ත තත්වයටදෝ යන්න මතුකළ හැකි ප්‍රධාන ගැටලුවකි. මුලාවේ හෙලීම සහ වගවීම් මෙන්ම වගකීම් වලින් පලායෑම හැරෙන්නට වෙනත් උපායක් නැත්තට නැති සැටියෙකි.

වසර ගණනාවක් තිස්සේ ප්‍රධාන පෙළේ මෙන්ම අප්‍රධාන යැයි නම් කරනු ලබන පෙළේ මාධ්‍යය තම පුවත් වාර්තාකාරණය ජනතාව අතරට යැවීම සඳහා අමුතුම පන්නයේ උපායක් අනුගමනය කරනු ලබති. එනම්; තම පුවත් නිර්මාණකරණය සඳහා රාජ්‍යය බුද්ධි අංශය උපුටා දැක්වීමය. එම උපාය ඔස්සේ ජනතාව උසී ගැන්වීමට මෙන්ම; ජනතාව අතර වැරදි චිත්තරූපයක් මැවීමට ඇති හැකියාව සැබවින්ම අමුතුම එකකි. ඊට ප්‍රභල දේශපාලන බලයක් තිබේ. රටේ කුමන හෝ දේශපාලන පරිසරයක් නිර්මාණය වූ විට බුද්ධි අංශය ඉදිරියට දමා, එය මෙසේ කියන්නේය; එය රහස්‍යය වාර්තාවක් අවහවල් පුද්ගලයාට ලබා දුන්නේය; ආදී වශයෙන් වැල් වටාරම් රාශියක් ගොතා රට හමුවේ තබන්නේය.

මෙම මූලික කාරණය සමස්ථ සමාජයේ පවතින ප්‍රධාන ව්‍යාකූලතාවයක සංඥා නිකුත් කොට තිබේ.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් බුද්ධිමය දේපල පනත ශතයකට මායිම් නොකරන්නා සේම ජනමාධ්‍යය වෘත්තියමය මූලධර්මයන් මත පිහිටා කටයුතු කිරීම ක්‍රමිකව නමුත් නියතවම අතහැර දමමින් සිටිති. මන්ද එවැනි දෑ අනුගමනය කිරීම වඩාත් ලෙහෙසියෙන් මුදල් ඉපැයීමේ මඟ අහුරුවාලන බැවින් විය හැකිය.

READ MORE AT;

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න