බෙල්ලන්විල නාහිමියෝ හෘදයාබාධයක් හේතුවෙන් අපවත් වෙති

බෙල්ලන්විල නාහිමියෝ හෘදයාබාධයක් හේතුවෙන් අපවත් වෙති

බෙල්ලන්විල විහාරස්ථානයේ මියන් කුමාර් ඇතාට ආහාර ලබා දිමට යාමේදී ඇතා කළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා සිටි බෙල්ලන්විල විමලරතන නා හිමියෝ කොළඹ පෞද්ගලික රෝහලකදී අද දහවල් හෘදයාබාධයක් හේතුවෙන්  (03) අපවත් වූහ.

ඇතාට ආහාර ලබාදීමට යාමේ කළ පහරදීමකින් උන්වහන්සේගේ ඉලඇටවලට හානි සිදුවී ඇති අතර, කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ශල්‍ය කර්මයකට භාජනය කර ඇත.

බෙල්ලන්විල විහාරස්ථානයේ මියන් කුමාර් ඇතාට ආහාර වශයෙන් සියඹලා ලබා දීමට යාමේදී එම ඇතා එකවර සියල්ල අනුභව කිරීමට යාමේදී විමලරතන නා හිමියෝ අනතුරට ලක් වී ඇති අතර, මෙම සිදුවීමෙන් උන්වහන්සේගේ පෙනහළුවලට දැඩි හානි සිදුවී ඇත.

ඒ අනුව ප්‍රතිකාර ලබා දෙන අතරතුරදී උන්වහන්සේ හට හෘදයාබාධයක් ඇතිවීම හේතුවෙන් දහවල් 12ට පමණ අපවත් වූ බව කොළඹ ආසිරි රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

උන්වහන්සේගේ දේහය පිළිබද ආදාහන පූජෝත්සවය කටයුතු පිළිබද පසුව දැනුම් දීමට නියමිතය.

27331803 10155367551484226 5653770549502858047 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න