අන්තවාදී සහ ජාතික සංහිඳියාවට, ඇතුළු සමාජ පර්‍යායට හානිකරන ජඩමාධ්‍ය කිසිවකට තමන් යටතේ ඇති කිසිදු ආයතනයක වෙළෙඳ දැන්වීම් නිකුත් කිරීම අත්හිටුවීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර දැනුම්දී තිබියදී ඒ නියෝග නොතකා මහජන බැංකුව කටයුතු කර ඇත.
ඒ අන්තවාදය වපුරන සහ ජාතිවාදී ලේ සෙලවීමක් වෙනුවෙන් පසුගිය සමයේ අවස්ථා ගණනාවක දී උත්සාහ කළ සහ අදටත් ඒ වෙනුවෙන් මාධ්‍ය වෘත්තීය අන්තයට පිරිහෙලා ඇති දිවයින පුවත්පත වෙත දැන්වීම් නිකුත්කරමින්ය.
මෙහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීර තම නියෝගය හකුළා ගෙනදැයි අමාත්‍යවරයාගේ කාර්‍ය මණ්ඩල ප්‍රධානියකු වෙතින් නිව්ස්ටියුබ් කළ විමසීමකදී අදාල නිලධාරීයා සඳහන් කර සිටියේ ජඩමාධ්‍ය භාවිතය සම්බන්ධව විශේෂයෙන් ජාතික සංහිඳියාව බිඳ හෙළන, සාවද්‍ය පුවත් පළකරන, මාධ්‍ය ආචාර ධර්ම ජාතික සමඟිය බිඳ දැමීම වෙනුවෙන් දරුණු ලෙස උල්ලංඝනය කරන කිසිඳු මාධ්‍ය ආයතනයක් වෙත වෙළෙඳ දැන්වීම් ලබා නොදෙන ලෙස අමාත්‍යවරයා නිකුත්කල නියෝගයේ කිසිදු වෙනසක් නොමැති බවය.
එහිදී අප එන නිලධාරීයා වෙතින් විමසා සිටියේ මේ වන විට රාජ්‍ය බැංකු මුදල් අමාත්‍යාංශය යටතේ ඇති බැවින් ඊට වගකීමක් අමාත්‍යවරයාට නොමැතිද යන්න සහ මහජන බැංකුව මුදල් අමාත්‍යාංශයට ඉහළින් ඇති අනුහස් ආයතනයක්ද යන්නය. එසේම මහජන බැංකුව නොදැන හෝ දිවයින පුවත්පත මෙවැන්නක් පළකර ඇත්නම් ඒ ගැන සොයා බැලිය යුතු නොවේද යන්නය.
ඊට ප්‍රතිචාර දක්වමින් එම නිලධාරීයා සඳහන් කර සිටියේ මේ සම්බන්ධව වහාම අමාත්‍යවරයා දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවය.
පහත දැක්වෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබෙන මහජන බැංකුවේ වෙළෙඳ දැන්වීමක් දිවයින පුවත්පතේ පළවී ඇති ආකාරයයි.


