ග්‍රෑන්ඩ්පාස් හි මාදම්පිටිය සුසානභූමියේ පුද්ගලයන් දෙදෙනෙකු මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව කියන ‘කුඩු රොෂාන්’ නමැත්තා සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු ඇතුළු 07 දෙනෙකු අද (05) පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් යක්කල ප්‍රදේශයේ ලැගුම්හලක සැගව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පොහොට්ටු පාර්ශවය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන වෙත පත්වූ මන්ත්‍රීවරුන් රැසක් ඉතා අපකීර්තිමත් පුද්ගලයන් බව තහවුරු වන පුවත් රැසක් පසුගිය කාලය තුළ වාර්තා විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
