මගේ අත්වල ලේ නෑ - සජිත්

මගේ අත්වල ලේ නෑ - සජිත්

"මගේ දෑත් වල ලේ තැවරිලා නෑ. හොරකම තැවරිලා නෑ. මංකොල්ලකෑම තැවරිලා නෑ." යැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

අද (05) සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා එජාපය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කිරීම වෙනුවෙන් කුරුණෑගල සංවිධානය කරන ලද රැලිය අමතමින් ඔහු මේ බව සදහන් කර සිටියේය.

කිසිවෙකුට විරුද්ධව පවත්වන ලද රැළියක් නොවන බව බවත් එහිදී ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මෙසේද පැවසීය.

අපි මිනි මරුවො, කුඩු කාරයෝ, මත්ද්‍රව්‍ය කාරයොන්ට රැකවරණය දීලා නෑ.

වැඩි වැඩියෙන් මඩ ගහන්න. වැඩි වැඩියෙන් චෝදනා කරන්න, වැඩි වැඩියෙන් අපහාස කරන්න, මේ වන විට මම උදේ 4ට නැඟිටලා රෑ 12ටයි සංවර්ධන වැඩ කටයුතු අවසන් කරන්නේ.

මම පොරොන්දු වෙනවා සජිත් ප්‍රේමදාස වැඩියෙන් වැඩ කරලා අඩුවෙන් නිදාගෙන තවත් වැඩියෙන් වැඩ කරනවා කියලා.

මේ රැලිය කාටවත් විරුද්ධව කරන රැළියක් නෙවෙයි.

මේ රැලිය එක්සත් ජාතික පෙරමුණේ පාක්ෂිකයින්, රටේ ජනතාවට තියෙන ජන රැළියයි.

ඒ නිසා මගේ බලාපොරෙත්තුව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේත්, කරූ ජයසූරිය මැතිතුමාගේත් එජාපයේ සියලු දෙනාගේත් ආශිර්වාදය රට ගොඩ නැගීමේ වගකීම වෙනුවෙන් මට ලබා දෙයි කියලායි."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න