පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුම්දීමක් හේමසිරිට ලැබී නෑ : ශ්‍රේෂ්ඨාධිකරණයේ කියවෙයි !

පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුම්දීමක් හේමසිරිට ලැබී නෑ : ශ්‍රේෂ්ඨාධිකරණයේ කියවෙයි !

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන පූර්ව අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් කිසිඳු දැනුම් දීමක් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප‍්‍රනාන්දුට ලැබී නොමැති බව ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න අද ( 05) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එසේම ජාතික රහස් ඔත්තු සේවය සිය බුද්ධි තොරතුරු කෙළින්ම අනාවරණය කරන්නේ ජනාධිපතිවරයාට පමණක් බවත් , එය ආරක්ෂක ලේකම්වරයාට ලබා නොදෙන බවද ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

මේ කරුණු අනාවරණය කර සිටියේ ප‍්‍රහාරය වළක්වා ගැනීමට ක‍්‍රියා නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් කඩ කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (05) යළි සලකා බැලූ අවස්ථාවේදීය.

අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ සභාපතිත්වයෙන් බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, එල් .ටී. බී දෙහිදෙණිය සහ මුර්දු ප‍්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් 12 සළකා බැලිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න