කිසිම මන්ත්‍රීවරයකුට බාර් ලයිෂන් දීලා නෑ : මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් දන්වයි !

කිසිම මන්ත්‍රීවරයකුට බාර් ලයිෂන් දීලා නෑ : මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් දන්වයි !

සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් වලට 2015 න් පසුව මත්පැන් බලපත්‍ර නිකුත් කළද, වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකුට මත්පැන් බලපත්‍ර නිකුත් කර නොමැති බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය මේ බව සදහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි .

මේ වනවිට ශ්‍රී ලංකාවේ සියළුම වර්ගයේ බලපත්‍රලාභී සුරාසැල් 4910 ක් තිබෙන අතර, ඉන් සිල්ලර අලෙවිසැල් 1100 ක් හා හෝටල් මත්පැන් බලපත්‍ර 1567 ක්ද , ආපනශාලා බලපත්‍ර 554 ක් ද වේ. තවද, වයින් සහ බීර අලෙවිහල් 368 ක් හා රා තැබෑරුම් 200 සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බලපත්‍ර නිකුත් කර තිබේ. මෙයට අමතරව විදේශ මත්පැන් අලෙවිකරන ස්ථාන 1080 ක් සඳහා බලපත් නිකුත් කර තිබේ.

සුරාසැල් බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයෙකුට ඒ සඳහා දෙපාර්තමේන්තුව විසින් පනවා ඇති කොන්දේසි හා නීති රීති අනුව අවසරපතක් ලබාගත හැකිවේ.

එවන් පුද්ගලයකු ආසන්නතම වසර 5 ක් ඇතුළත කිසිදු අපරාධයකට වරදකරු නොවී සිටිය යුතු අතර බදු ගෙවන්නෙකුද විය යුතුය. තවද, සුරාසැල්වල වර්ගය අනුව පූජනීය ස්ථාන සහ පාසල් වලින් බැහැර නියමිත දුර ප්‍රමාණයෙන් එම සුරාසැල් පිහිටුවිය යුතුය.

සුරාසැල් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති අයදුම්පතේ සඳහන් කරුණ තහවුරු කරගැනීම සඳහා සුරාසැල් බලපත්‍රයක් ඉල්ලා සිටින බල ප්‍රදේශය අයත් පොලීසිය සහ ප්‍රාදේශීය ලේකම්ගෙන් වාර්තාවක් ලබාගැනීමෙන් අනතුරුව එකී සියලු කොන්දේසි ඉටුකරන්නේ නම් සුරාසැල් බලපත්‍රය ලබාගැනීමේ හැකියාව ඇත.

සුරාබදු පනත සහ සුරාබදු නිවේදනවල ප්‍රතිපාදන සැලකිල්ලට ගෙන අදාළ කොන්දේසි සහ අවශ්‍යතා ඉටුකරන ඕනෑම පුද්ගලයකුට සුරාබදු බලපත්‍රයක් නිකුත් කිරීමේ බලය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සහ විෂයභාර අමාත්‍යවරයා සතුව ඇත.

මත්පැන් බලපත්‍ර නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර ලේඛණය මහජනතාවට බලාගත හැකිවන පරිදි සුරාබදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළකර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න