එජාප අපේක්ෂකයා අන්තිම මොහොතේ !

එජාප අපේක්ෂකයා අන්තිම මොහොතේ !

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නම් කරන්නේ පොහොට්ටුවට හෝ ජනතා විමුක්ති පෙරමුණට වුවමනා වෙලාවට නොව එජාපයට වුවමනා වෙලාවට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.

එසේම දිගින් දිගටම ශ්‍රී ලංකා දේශපාලනයේ අත්දැකීම් අනුව ජයග්‍රහණය කරන්නේ අන්තිම මොහොතේ පැමිණෙන අපේක්ෂකයා බවත් ඒ මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

ඔහු මේ බව සදහන් කර සිටියේ ඊයේ (01) මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.

"අපි පොහොට්ටුවෙවත් ජේවීපී එකේවත් නෙවෙයිනෙ. අපි එක්සත් ජාතික පක්ෂයේ. ඒ හින්දා අපේ අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයට ඕනෙ වෙලාවට ඉදිරිපත් කරන්නම්. කලබල වෙන්න එපා.

2005දීත් අපි කලින්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් කළා. අන්තිම මොහොතේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා දින්නා. ඒනිසා 1994 ඉඳලාම අන්තිම මොහොතේ එන ශොකිං කැන්ඩිඩේට් තමයි දිනන්නේ. චන්ද්‍රිකා මැතිණිය දින්නෙත් එහෙමයි, මහින්ද මහත්තයා දින්නෙත් එහෙමයි, මෛත්‍රී මහත්තයා දින්නෙත් එහෙමයි. මේ පාර අපේ අශ්වයා දිනන්නෙත් එහෙමමයි"

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න