ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා සැප්තැම්බර් 10 වනදායින් පසුව මැතිවරණ කොමසමට බලය හිමිවෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
එම දිනයෙන් පසුව නාම යෝජනා කැඳවීම ඇතුළුව ජනාධිපති මැතිවරණයේ කටයුතු සිදුකිරීමට මැතිවරණ කොමිසම කටයුතු කරන බවත් ඔහු පවසා ඇත.
එසේම මේ වන විට වාර්තා වන්නේ නොවැම්බර් මාසයේ අවසන් සතියේ සෙනසුරාදා දිනය ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම වෙන් කරනු ඇති බවය.
එම දිනය පෙරට ගැනීමට නම් ජනාධිපති විසින් ජනාධිපතිවරණය කැඳවීම සඳහා මැතිවරණ කොමිසම වෙත දැනුම්දිය යුතුව ඇත.
ජනාධිපති සිරිසේනගේ 19 සංශෝධන විරෝධය !
මේ වන විට දේශපාලන වශයෙන් නන්නත්තාර වූ ජනාධිපති සිරිසේන 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව වෛරී ප්‍රකාශ සිදුකරමින් සිටීමේ හේතුව මේ හරහා අනාවරණය වන බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.
ඔවුන් සදහන් කරන්නේ මීට පෙර ජනාධිපතිවරණය වැන්නක් බලයේ සිටින ජනාධිපතිගේ අත්තනෝමතික තීන්දු තීරණ අනුව තීරණය වූ බවය.
ඇතැම් අවස්ථා වලදී ජනාධිපතිවරණය සඳහා දිනය තීරණය කරනු ලැබූයේ ජෝතිෂ්‍යයන් බවත් මේ වන විට 19 ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් මැතිවරණ කොමිසම ස්වාධීන ආයතනයක් වීම හේතුවෙන් ඔවුන්ට පොතේ හැටියට කටයුතු කිරීමට අවස්ථාව හිමිව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
ජනාධිපති සිරිසේන 19 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව අගතිගාමී වී ඇත්තේ ඔහුගේ දේශපාලන න්‍යාය පත්‍රය අනූව කටයුතු කිරීමට නොහැකිව ඇති නිසා බවත් ඒ චේතනා මුලුමනින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් ඔවුන් පෙන්වා දෙයි.

