19 සංශෝධනය වනසන්න : සිරිසේන - මහින්ද එකඟතාවයක !

19 සංශෝධනය වනසන්න : සිරිසේන - මහින්ද එකඟතාවයක !

ඉදිරියේ පත්වන ආණ්ඩුවකින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති සිරිසේන අතර එකඟත්වයක් ඇතිව තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊට අනුව මෙම එකඟත්වය ඇතිව තිබෙන්නේ දෙදෙනා අතර පසුගියදා පැවති විශේෂ හමුවකදීය.

මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙන්නේ 19 වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයා පමණක් නොව අගමැතිවරයා සහ කතානායකවරයාද රට පාලනය කරන්නට පටන්ගෙන ඇති බවයි.

මෙලෙස බල කේන්ද්‍ර තුනක් නිර්මාණය වීම ආණ්ඩුවක ගැටුම් වැඩිවීමට ප්‍රධාන හේතුවක් යැයිද ඔහු පවසා ඇත. මෙහිදී මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා පවසා ඇත්තේ 19 වැනි සංශෝධනය අනුමත කිරීමට පෙර එහි වගන්ති දැඩි පරීක්ෂාවකට භාජනය කළ යුතුව තිබූ බවය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න