ගෝඨා කියන ස්වාධීන යනු කුමක්ද?

ගෝඨා කියන ස්වාධීන යනු කුමක්ද?

ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට තවමත් සාධාරණය ඉටුවී නොමැති බවටත් පරීක්ෂණ පිළිබඳ විශ්වාසයක් නැති බවටත් ඒ ගැන ස්වාධීන පරීක්ෂණයක් සිදුවිය යුතු බවටත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් කරන ලද ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.

ඊට පිළිතුරු සපයමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් මිහියන් ප්‍රකාශ කර තිබුණේ, තමාගේ එම ප්‍රකාශයන් ගෝඨාභය රාජපක්ෂට අදාළ නොවන බවය, වත්මන් පාලකයන් ඊට පිළිතුරු සැපයිය යුතු බවය.

දිගින් දිගටම කරන ප්‍රකාශ මගින් කාදිනල් හිමියන් අවධාරණය කරන්නේ යුක්තිය අවශ්‍ය බවය. එතුමා බලාපොරොත්තු වන යුක්තිය කුමක්දැයි පැහැදිළි නැත. ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ කොමිසමේ වාර්තාව නොලැබුණ බවද එතුමා කියයි. ඒ තර්කයට නම් පදනමක් ඇත.

එහෙත් ස්වාධීන කොමිසමක් යනුවෙන් එතුමාත්, ගෝඨාභය රාජපක්ෂත් අරමුණු කරන්නේ කුමක්දැයි පැහැදිළි නැත. පාර්ලිමේන්තු කමිටුව යනු පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයකම නියෝජනයකි. එය මගහැරියේ ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය පමණය.

බරපතළම ප්‍රශ්නය වන්නේ මේ ස්වාධීන යන්නට ඇති නිර්ණායකය කුමක්ද යන්නය. ජාති, ආගම් වර්ග හා අනෙකුත් බෙදීම් වශයෙන් මිනිසුන් උපතේදී හා පසුව ලඟාකරගත් අගතීන් හා ලැදියාවන් පවතී. ප්‍රශ්නය ඇති වන්නේ මිනිස්සුන් ඔවුන්‌ගේ රාජකාරි වගකීම් ඉටු කිරීමේදී එම අගතීන් හෝ ලැදියාවන් මත හිඳ කටයුතු කිරීමය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් මේ පරීක්ෂණ කොමිෂන්වල සාමාජිකයන් වී සිටියා නම් එය බැලූ බැල්මටම ප්‍රශ්නයකි. එහෙත් එවැන්නක් පෙනෙන්නට නැත. ඒ නිසා කාදිනල් හිමි හා ගෝඨාභය රාජපක්ෂ ස්වාධීන වීමේ නිර්ණායක අපට පැහැදිළි කළ යුතුය.

(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න