අලි කුලප්පු කරගන්න හදන්න එපා - ඇමති කබීර්

අලි කුලප්පු කරගන්න හදන්න එපා - ඇමති කබීර්

අලියා හොඳින් හීලෑ වෙච්ච සතෙක් බවත් අලියා කුලප්පු කර ගත්තොත් එය භායානක තත්ත්වයක් බව මාර්ග සංවර්ධන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති කබිර් හෂිම් පවසයි.

කාපට් යොදා නවිකරණය කරන ලද අඹගමුව සෙල්ලිපි ගම මාර්ගය මහ මාර්ග මාර්ග සංවර්ධන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති කබිර් හෂිම් විවෘත කිරිමට පියවර ගෙන තිබියදි එම මාර්ගය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන අඹගමුව ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක් විසින් විවෘත කර තිබිම හේතුවෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදි අදහස් දැක්වු කබිර් හෂිම් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මේ ඔළුවෙන් හිටගන්නා පොහොට්ටුවේ අයෙක් මෙම මාර්ගය විවෘත කිරිමක් පිළිබඳව කතා කලා. මෙය පුදුමයක් නොවෙයි. මොකද මේ පොහොට්ටුවේ අය ඔළුවෙන් හිටගෙනයි වැඩ කරන්නේ. එත් සරම් ඇගෙන ඔළුවෙන් හිටගත් විට නිරුවත පෙනෙන එක ඔවුන් දන්නේ නැහැ.

අලියා හොදින් හිලා වෙච්ච සතෙක් එත් මේ අලියා කුලප්පු කර ගන්න එපා කියන එක මම මේ අයට කියන්න ඔන. මොකද අලියා කුලප්පු වුණොත් එය භායානකයි. මෙම මාර්ග අපි සංවර්ධනය කරන්නේ මේ ජනතාවගේ අවශ්‍යතාවයටයි . එහෙම නැතිව වෙන දෙයකට නොවෙයි.

මේ ඔළුවෙන් හිට ගන්න පොහොට්ටුවේ අයියලා කරන දේවල් ගැන අපි කියන්න යනනේ නැහැ . මොකද මේ කුණු අවුස්සන්න අපි කැමති නැහැ. අපිට අවශ්‍ය මේ ප්‍රදේශ සංවර්ධනය කරන්නයි. මේ සංවර්ධන කරන ලද මාර්ගයේ යන්නේ එක්සත් ජාතික පක්ෂයේ අය පමණක්ද.

මේ අයියලා හදන්නේ මෙම ප්‍රදේශවල සිදු කරන සංවර්ධන වැඩ කඩා කප්පල් කරන්නයි. අපි මේ අයට කියන්නේ ඔය ඔළුවෙන් හිට ගත්තට බැනර් උස්සගෙන කැගැහුවට අපි බය වෙන්නෙත් නැහැ. කරන සංවර්ධන වැඩ නතර කරන්නෙත් නැහැ.

කේ. කේ. පියදාස මහතාගේ ලේකම් හිටපු අඹගමුව ප්‍රාදේශිය සභා මන්ත්‍රී අරුණ ශාන්ත බණ්ඩාර මහතා ඔළුවෙන් හිට ගන්නා ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලබා දිමට හරිම දක්ෂයෙක්.

මෙසේ වංගු නොදා කෙළින් දේශපාලන සටනට එන ලෙසට ඔහුට අභියෝග කරනවා. ඔහු මෙන් තුප්පහි දේශපාලනයක් එක්සත් ජාතික පක්ෂය කරන්න සුදානම් නැහැ. එහෙත් තුප්පහි දේශපාලනයක් කරන්න ඔවුන් උත්සහා කරන්නේ නම් තමන්ද එයට සුදානම්” බවද පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න