ඩිලාන් - එස්.බී පොහොට්ටුවට : දයාසිරි - අමරේ - ලසන්ත නන්දෙගේ ගෙදර !

ඩිලාන් - එස්.බී පොහොට්ටුවට : දයාසිරි - අමරේ - ලසන්ත නන්දෙගේ ගෙදර !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පත්කළ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා සහ එස්.බී.දිසානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

අද (29) පෙරවරුවේ බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේදී ඔවුන් සිය පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇත්තේ එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතිනි.

පසුගියදා පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අවස්ථාවේ ඩිලාන් පෙරේරා සහ එස්.බී. දිසානායක යන මන්ත්‍රීවරුන් දැරූ පක්ෂ තනතුරු වලින් ඔවුන් ඉවත් කෙරිණ. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඒ සමඟ ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ශ්‍රීලනිප ප්‍රබලයන් නන්දෙගේ නිවසේ !

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර සහ ශ්‍රීලනිප භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මන්ත්‍රීවරුන් තිදෙනා අද උදෑසන නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හමුවී සාකච්ඡාවක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

එම සාකච්ඡාව මාධ්‍ය වෙත විවෘත නොවූ නමුත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ජනාධිපති සිරිසේනගේ විශේෂ අදහස් සහ යෝජනා කිහිපයක් සම්බන්ධව නන්දසේන රාජපක්ෂ දැනුවත් කිරීම මේ සාකච්ඡාවේ අරමුණ බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න