සජිත් දිනවන වැඩපිළිවෙළ : මංගලගේ නිවසේ !

සජිත් දිනවන වැඩපිළිවෙළ : මංගලගේ නිවසේ !

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත්වීමට නියමිත සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට අපේක්ෂකතාව ලබාගැනීම සඳහා ඉදිරියේදී සිදුකරන මෙහෙයුම් හා ප්‍රචාරක වැඩසටහන් සම්බන්ධයෙන් මුලික හැඳින්වීමක් ඊයේ (28) රාත්‍රී අමාත්‍ය මංගල සමරවීරගේ නිල නිවසේ පැවති විශේෂ හමුවක දී එළිදක්වා ඇතැයි වාර්තා වේ.

රාත්‍රී භෝජන සංග්‍රහයක් සහිතව සංවිධානය කර තිබු එම හමුව සඳහා සජිත් ප්‍රේමදාසට සහය දක්වන මන්ත්‍රීවරුන් 30කට වැඩි පිරිසක් සහභාගී වී ඇත. සජිත් ප්‍රේමදාස, එජාප සභාපති කබීර් හෂීම්, හිටපු සභාපති මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර, ගයන්ත කරුණාතිලක, හරින් ප්‍රනාන්දු, චන්ද්‍රානි බණ්ඩාර, රවින්ද්‍ර සමරවීර ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද මේ අවස්ථාවට එක්ව තිබේ.

එහිදී ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයින් සම්බන්ධයෙන් දේශීය හා විදේශීය ආයතන කිහිපයක් විසින් සිදුකර තිබු ජනමත සමීක්ෂණ වාර්තා කිහිපයක් ද මංගල සමරවීර හා හර්ෂ ද සිල්වා අමාත්‍යවරුන් විසින් අනාවරණය කර තිබෙන බව සඳහන් වේ.

ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත් ප්‍රේමදාසට ලබාගැනීම සහ ඒ වෙනුවෙන් පැවැත්වෙන ජනරැළි මාලාවේ කුරුණෑගලදී පැවැත්වෙන මීළඟ රැළිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

විනය ක්‍රියාමාර්ග ගගන්නේ කොහේද ? රංජිත් මද්දුමබණ්ඩාර

මෙවැනි නිල නොවන සාකච්ජා සංවිධානය කරන මැති ඇමතිවරුන්ට හා ඊට සහභාගිවන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂ නායකත්වය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම හමුවට සහභාගී වූ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ "අපි ප්‍රජාතන්ත්‍රවාදී ජනප්‍රිය අපේක්ෂකයෙක් ගැන කතා කරනවා. කොහොමද විනය ක්‍රියාමාර්ග ගන්නේ."යනුවෙනි.

එහිදී කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ නම ස්ථීර බවත් මේ වන විට ප්‍රචාරණ වැඩපිළිවෙල සැලසුම් කරමින් සිටින බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න