මහින්ද මෛත්‍රී පසුපස එයි : ගෝඨා ඉවත්කර ගැනීමට සූදානම් !

මහින්ද මෛත්‍රී පසුපස එයි : ගෝඨා ඉවත්කර ගැනීමට සූදානම් !

පොහොට්ටු පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්නොවුනහොත් ඉදිරි පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට ජයගත ගැනීමට ඇති අසීරුතාවය අන් කවරෙකුටත් වඩා හොඳින් තමාට වැටහෙන බවත් එහෙයින් පක්ෂ දෙකෙහි එකමුතුවක් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට තමා සුදානම් බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පවසා ඇතැයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර ඊයේ (27) රාත්‍රියේ පැවති රහස් හමුව සම්බන්ධයෙන් 'ද ලීඩර්' කල විමසීමේදී එම නිලධාරියා එබව සඳහන් කළේය.

පක්ෂ දෙක අතර එකඟත්වයක් වෙනුවෙන් අවශ්‍ය වෙතොත් ගෝඨාභය වෙනුවට ජනාධිපති අපේක්ෂකයා ලෙස දෙපාර්ශවයටම පිළිගත හැකි අයකු හෝ ඉදිරිපත් කිරීමට සුදානම් බවට මහින්ද රාජපක්ෂ මෙහිදී ඉඟි පළකර ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

'පොහොට්ටුවේ' ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත ප්‍රධාන පෙලේ දෙමල හා මුස්ලිම් ජාතික පක්ෂවල සහය ලබා ගැනීමට බැසිල් රාජපක්ෂ විසින් දරන උත්සාහයන් මේවනවිට මුළුමනින්ම අසාර්ථක වීම තුළ බලවත්සේ තැති ගැම්මකට ලක්ව සිටින මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා, ජනාධිපතිවරයාගේ හා ශ්‍රීලනිපයේ සහය කෙසේහෝ ලබාගැනීමට බලවත් උත්සයක නිරතව සිටින බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

රනිල් හා රවී රහසේම ජනපති හමුවෙලා !

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පෙරේදා (26) රාත්‍රියේදී සිදුව තිබේ. එම හමුව සඳහා රවී කරුණානායක අමාත්‍යවරයා ද සහභාගී වී ඇත.

අගමැතිවරයා සහ රවී කරුණානායක ඇමතිවරයා එසේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට සහය ඉල්ලා ඇතැයි පුවත්පතක පළවු වාර්තාවක් උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.

විධායක ජනාධිපතිධුරය හදිසියේ අහෝසි කිරීම ප්‍රයෝගිකව සිදු කළ නොහැකි බව සුසිල් ප්‍රේමජයන්ත මෙහිදී පෙන්වා දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න