කාදිනල් හිමිගේ සහය ගන්න : ගෝඨා වතිකානුවේ දූෂිතයකු ළංකර ගෙන !

කාදිනල් හිමිගේ සහය ගන්න : ගෝඨා වතිකානුවේ දූෂිතයකු ළංකර ගෙන !

කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ව බැහැ දැක දේශපාලන වාසියක් ලබාගැනීම සඳහා බලවත් උත්සාහයක දී සිටින ගෝඨාභය රාජපක්ෂගේ 'වියත්මඟ' ප්‍රධානින් කිහිප දෙනෙකු ඒ සඳහා වතිකානූවේ වෙසෙන ශ්‍රී ලාංකීය පියතුමකුගේ සහය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

මෙසේ 'වියත්මඟ' ප්‍රධානින් සිය ව්‍යාපෘතිය සඳහා ඉත්තකු කර ගැනීමට කටයුතු කරමින් සිටින පියනම කතෝලික ප්‍රජාව අතර අපකීර්තියට ලක්ව සිටින අයෙකි.

වතිකානුව තුල ද අවස්ථා කිහිපයකදීම බීමත්ව සහ අශෝභන ලෙස හැසිරෙමින් කතෝලික ජනතාව අතර මහත් අප්‍රසාදයට ලක් වී ඇති එම පියනම, විශේෂයෙන් වතිකානූව නැරඹීමට අවස්ථාව සලසා දෙන බව පවසමින් සංචාරකයින් ගෙන් විශාල වශයෙන් ඔහූ මූදල් අයකරන්නෙකු ලෙසද ප්‍රසිද්ධියට පත්වූවෙකි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂගේ හිතවතුන් පිරිසක් විසින් රදගුරු මැඳුරේ අභ්‍යන්තර තොරතුරු ලබාගැනීම සඳහා එහි සේවය කරන කිහිප දෙනෙකු උපාය දූතයින් ලෙස යොදගෙන ඇතිබව ද වාර්තාවේ.

ඉතිහාසය පුරාවට කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට හෝ ගැති නොවී ඉතා මධ්‍යස්ත ලෙස කතෝලික සභාව කටයුතු කර ඇති ආකාරය අප වෙත පැහැදිලි කළ ගරුකටයුතු පියතුමකු, ගෝඨාබයගේ 'වියත්මඟ' ක්‍රියාකාරීන් මෙසේ කතෝලික පල්ලිය සිය දේශපාලන ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට දරන උත්සාහය ඉතාමත් පිළිකුල් සහගත බව පවසා සිටියහ.

විශේෂයෙන් ම අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කෙරෙහි රටේ ජනතාව තුළ තිබෙන විශ්වාසය සහ ගෞරවය ඉතා සූක්ෂම ලෙස දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගැනීමට ගෝඨාබය රාජපක්ෂ කටයුතු කරමින් සිටින බවද එම පියතුමන් වැඩිදුරටත් පැවසුහ.

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයෙකු තමන් හමුවීමට නොපැමිණෙන ලෙස අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මිට ඉහතදී ප්‍රකාශ කර තිබුන ද උන්වහන්සේ හා පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් ඉක්මනින්ම සංවිධානය කර දේශපාලන වාසියක් ලබාගැනීමට 'වියත්මඟ' සංවිධානයේ විශ්‍රාමික හමුදා ප්‍රධානින් කිහිප දෙනෙකු මේ වනවිට කටයුතු කරමින් සිටින බව අප මීට ඉහතදී වාර්තා කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න