හොකී ක්‍රීඩාව කනත්තට දක්වා අවසන් : සභාපතිගේ හඬපටය මෙන්න !

හොකී ක්‍රීඩාව කනත්තට දක්වා අවසන් : සභාපතිගේ හඬපටය මෙන්න !

අවුරුදු 21න් පහල කාන්තා හොකී කන්ඩායමේ ක්‍රීඩිකාවකගේ පියෙක් සහ ජතික හොකී සංගමයේ සභාපතිවරයා අතර සිදු වූ දුරකතන සංවාදයක කොටසක් මේ වනවිට සමාජ මාධ්‍ය තුල සැරිසරමින් තිබේ.

එය පහත පළකර ඇත.

https://soundcloud.com/user-808828644/hokey

වත්මන් ජාතික හොකී සම්මේලනය හොකී ක්‍රීඩාව දක්කාගෙන යන්නේ කනත්තට බවට තේරුම් ගැනීමට ඒ සාක්ෂිය හොඳටම ප්‍රමාණවත්ය.

ඒ අතර 21න් පහල කාන්තා හොකී කන්ඩායම සදහා නම් කර ඇති ක්‍රීඩිකාවන්ගෙන් බහුතරයක් අවම ශාරීරික යෝග්‍යතා සුදුසුකම් වත සපුරා නැති තත්වයක් තුල ඒ පිලිබඳව ක්‍රීඩා අමාත්‍ය වරයා වෙත ලිඛිතව ඉදිරිපත් කිරීමටද කටයුතු කර ඇත.

ක්‍රීඩිකාවන් පමනක් නොව අදාල කන්ඩායම සදහා නම් කර ඇති කලමනාකාරීත්වයද ඊට කිසිදු සුදුසුකමක් නොදක්වන බව එම ලිපියෙහි සදහන්ය.

එම සවිස්තරාත්මක ලිපියත් පහත දැක්වෙයි.

hoky 900px

21න් පහළ ජාතික කණ්ඩායමක් යනු ඊළඟ අදියරේදී ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංචිතයක් බව අමුතුවෙන් කිවයුතු නැත. නමුත් මේ හොකී මාෆියාව ක්‍රියා කරන්නේ ඒ කිසිවක් නොතකමිනි.

ශ්‍රී ලංකා හොකී ක්‍රීඩාව අරක්ගෙන සිටින මේ බහිරව මාෆියාව ගැන අප දිගින් දිගටම අනාවරණය කර සිටියත් පුදුමය කියන්නේ ක්‍රීඩා බලධාරීන් ඒ පිළිබඳ කොහෙත්ම සංවේදී නොවීමය. ඒ තරමට හොකී මාෆියාව බලවත්ය. එහෙත් ක්‍රීඩාවට ඇළුම් කරන ප්‍රේක්ෂක ප්‍රජාව වෙනුවෙන් සහ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වන මේ සටන අප අත්හරින්නේ නැති බවද දැන්විය යුතුව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න