කාන්තාවන් නැති කාන්තා සමුළුවක් : පොහොට්ටුවේ වැඩක් !

කාන්තාවන් නැති කාන්තා සමුළුවක් : පොහොට්ටුවේ වැඩක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමස්ථ ජනතාවට නිගාදෙන අන්දමේ හැසිරීමක් දක්වමින් යළිත් ඒකාධිපති ෆැසිස්ට් පාලනයක් වෙනුවෙන් අරාඳින බව මේ වන විට හොඳින්ම අනාවරණය වෙමින් තිබේ.

ඊට ආසන්න සාක්ෂිය පොහොට්ටුවේ මාතර දෙවිනුවර කාන්තා සම්මේලනයයි.

එහි විශේෂත්වය වන්නේ කිසිඳු කාන්තාවක් එම සමුළුව ඇමතීම සඳහා නොමැතිවීමය.

ඒ සම්බන්ධව දැඩි විවේචනයක් එල්ලකරමින් ප්‍රවීණ මාධ්‍යවේදී, දේශපාලන විචාරක වික්ටර් අයිවන් සිය ෆේස්බුක් ගිණුමේ පහත සටහන යොදා තිබේ.

''ලංකාවේ දේශපාලන ව්‍යාපාර කල්පනා කරන විකාර රූපි සොබාවය පෙන්නුම් කරන කදිම පෝස්ටරයකි. පෝස්ටරය ප්‍රකාශ කර තිබෙනුයේ පොදු ජන පෙරමුනේ දෙවිනුවර කාන්තා සංවිධානය විසිනි. ජායාරූප 15 ක් ඇතත් ඒ ජායාරූප අතර එකම කාන්තාවක් වත් නැත.'' - වික්ටර් අයිවන්

12ws

ලොක්කාගේ පාරේ යන ගෝලයන් !

රාජපක්ෂ පවුල කියන්නේ බලකාමයෙන් උමතු වූවක් බව අමුතුවෙන් කිවයුතු නැත. ඔවුන් බලය ලබාගැනීම වෙනුවෙන් පවුල තුළත් කුළල් කාගනී. ඒ අතර ඔවුන් සිතන්නේ පරම්පරාවෙන් පරම්පරාවට රාජපක්ෂලා පමණක් රට පාලනය කල යුතු බවයි. ගැටුම ඇත්තේ ඒ අවස්ථාවේ බලය අල්ලන රාජපක්ෂ කවුද යන්න ගැන පමණි. 18 ව්‍යවස්ථා සංශෝධනය හරහා මැරෙන තුරාවට ජනාධිපතිධුරය දැරීමට ව්‍යවස්ථාව සකසා ගැනීමේ සිට ගෝඨාභය - බැසිල් ගැටුම දක්වා ඒ කතාව ඇත්තක් බව අමුතුවෙන් කිවයුතු නොවේය.

ඉහත පෝස්ටර් හරහාද තහවුරු කර ඇත්තේ රාජපක්ෂ කඳවුරේ සිටින අනෙක් දේශපාලනඥයන්ද ඊට නොදෙවෙනි බවය. ඔවුන් කාන්තා සම්මේලනය පවා යොදාගන්නේ තම තමන්ගේ ප්‍රතිරූපය කොහොම හෝ නංවා ගන්නට මිස අනෙකකට නොවේය. ඒ බල රුදාව කොතරම්ද කියනවා නම් ඊට නිකමට හෝ කාන්තාවක් යොදාගැනීමත් නොසළකා හැර ඇත.

දේශපාලන බලය ගැනීම යන්න රෝගයක් විශේෂයෙන් මනස පවා ව්‍යාධිජනක කරන තත්ත්වයක් දක්වා ඔඩු දිවූ කළ වැඩ හැටි මෙහෙමය. මෙහෙම උදවියට බලය දුන්නොත් අත්වන ඉරණම තීරණය කිරීම ඔබ සතුය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න