කතානායක කරූට ජාතික තලයේ මඩක් : නිල නිවේදනය මෙන්න !

කතානායක කරූට ජාතික තලයේ මඩක් : නිල නිවේදනය මෙන්න !

දේශපාලන පෙරළියක් සිදුවුවහොත් තමන් කථානායක ධුරයෙන් සමුගන්නා බවට කරු ජයසුරිය කර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පළවී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කථානායක කාර්යාලය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව කථානායක කරු ජයසුරිය එවැනි කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් පළවී ඇති මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බව නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය අවධාරණය කරයි.

කථානායක කාර්යාලය නිකුත් කරනු ලැබූ නිවේදනය පහත දැක්වේ.

" 2018 ඔක්තෝම්බර් මස 26 වන දින පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව නව අගමැතිවරයෙකු දිව්රුම් දිමේ නිතීවිරෝධි සහ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවලිය වැනි සිදුවිමක් යලි උද්ගත වුවහොත් කථානායකවරයා සිය ධුරයට සමුදී ඉවත්ව යන බවට ප්‍රකාශ කලේ යැ’යි අද දින (2019.08.26) ඇතැම් මුද්‍රිත මාධ්‍යයන්හි සහ සමාජ මාධ්‍ය කිහිපයක පළව ඇති නිසි මුලාශ්‍රයක් පදනම් කර නොගත් පුවත මුළුමනින්ම සාවද්‍ය බව දන්වා සිටිමු.

කථානායකවරයා කිසිවිටකත්, එවන් මතයක් නොදරන අතර එවන් ප්‍රකාශයක්ද, සිදුකර නොමැති බව අවධාරණය කර සිටිමු.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව සිදුවන ඕනෑම ක්‍රියාමාර්ගයකට එරෙහිව පාර්ලිමේන්තුව විසින් ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගැනීම‍ට කිසිවිටකත් පසුබට නොවිය යුතුය’ යන ස්ථාවරයක එතුමන් දැඩිව පිහිටා සිටියි.

කෙසේ වුවත් ඉහත සඳහන් පුවත, හුදෙක් එම පුවත පළ කරන ලද අදාල මාධ්‍ය ආයතනයන්හි, අනුමාන කිරිමක් පමණක් බව පෙනී යයි , එබැවින් එවැනි තත්වයක් යළි උද්ගත වනු ඇතැයි ගරු කථානායකතුමන් කිසි ලෙසකත් විශ්වාසය නොකරයි."

FB IMG 1566807115897

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න