එස්බී - ඩිලාන් - අමුණුගම : ශ්‍රිලනිපයෙන් පන්නා දමයි : තීන්දුව අද රෑ !

එස්බී - ඩිලාන් - අමුණුගම : ශ්‍රිලනිපයෙන් පන්නා දමයි : තීන්දුව අද රෑ !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (26) රාත්‍රී 7:00 ට ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එහිදී මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් 4දෙනෙකු ඉවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

එසේම අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාව සඳහා ඩිලාන් පෙරේරා , එස්.බී. දිසානායක , සරත් අමුණුගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ආරාධනා කර නොමැති බවත් උතුරේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝලඩ් කුරේ ද ඒ අතර වන බවත් එම ආරංචි මාර්ග පවසයි.

එළඹෙන ජනාධිපතිවරණයේදී පක්ෂයක් ලෙස ගන්නා තීරණය පිළිබඳ ශ්‍රිලනිප ය මෙහිදී අවසන් එකගතාවකට පැමිණීමේ ප්‍රධාන අපේක්ෂාවෙන් යුතුව අද මධ්‍යම කාරක සභාව රැස්වෙන අතර ඒ සම්බන්ධ තොරතුරු විරුද්ධ පාර්ශව වෙත ලැබීම වැලැක්වීමට මේ තීරණය ගෙන ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් කළ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දක්වනු ඇති බවට වාර්තා පළ වුවද, පක්ෂයක් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් ප‍්‍රකාශයක් සිදු කර නැත.

කෙසේවෙතත්, නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාව වර්ජනය කිරිමේ සූදානමක් ගැන ද මාධ්‍ය වාර්තා පළවෙමින් ඇති අතර ඒ සම්බන්ධව එස්.බී දිසානායක මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමන් අද මධ්‍යම කාරක සභාව වර්ජනය කරන බවයි. එසේම පක්ෂයට එක ස්ථාවරයක් නොමැති බවද ඔහු සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න