සිරිසේනගේ අලුත් ගැසට් එක : මහින්ද රතුපස්වල වර්ශන් !

සිරිසේනගේ අලුත් ගැසට් එක : මහින්ද රතුපස්වල වර්ශන් !

රට පුරා මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා යුද, ගුවන්, නාවික හමුදා කැඳවීමට අදාළ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා නිකුත් කර තිබේ.

22 දින නිකුත් කරන ලද මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත්තේ 23 දින ය. අංක 2137/67 දරන මේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතින් ලැබී ඇති බලතල ප්‍රකාරවයි.

ඒ අනුව මහජන සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් මැදිහත් වීමේ බලය ආරක්ෂක හමුදා වලට පවරා තිබේ. එසේ නොමැති අවස්ථාවක ආරක්ෂක හමුදා වලට මැදිහත් විය හැක්කේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුට ඉහළ නිලධාරියෙකුගේ කැඳවීමක් අනුව පමණි.

රතුපස්වල සිදුවීම සිදු වූ 2013 අගෝස්තු මාසයේදීද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හමුදාවට මෙසේ බලය පවරා තිබිණි. එම බලය නිසා බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු හමුදා කණ්ඩායමක් සෘජුව ජනතාව මර්දනය කිරීමට යෙදවිණි. එහිදී කළ වෙඩි තැබීම් වලින් තිදෙනෙක් මිය ගියහ.

FB IMG 1566622574206

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න