තවත් හඬපට ඉස්සරහට - රංගේ බණ්ඩාර : සිරිසේන යළිත් කුමන්ත්‍රණයක - ආශු

තවත් හඬපට ඉස්සරහට - රංගේ බණ්ඩාර : සිරිසේන යළිත් කුමන්ත්‍රණයක - ආශු

ජනාධිපති සිරිසේන එක්සත් ජාතික පක්ෂය බෙදා වෙන් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පවසයි.

ජනාධිපතිවරයා මේ මොහොතේ කල්පනා කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ පරාජයෙන් පසු තමන් ආරක්ෂා වීමේ උපක්‍රමික ක්‍රියාමාර්ගයක් ගැන බවද ඔහු සඳහන් කළේය.

ඒ හේතුවෙන් ජනාධිපතිවරයා දැන් කල්පනා කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන්ගේ ආරක්ෂාව සහතික කළ හැකි පුද්ගලයකු ජනාධිපති හෝ අගමැති බවට පත් කිරීමට බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයෙන් බෙදා වෙන් කිරීමේ කුමන්ත්‍රණය පසුපස සිටින්නේ ජනාධිපතිවරයා බවත් ඔහු චෝදනා කළේය.

මන්ත්‍රීවරයා විසින් මෙම චෝදනා කරද්දී අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන් ලග තවත් විශේෂ හඬපට කිහිපයක් ඇති බවත් අවශ්‍ය වුවහොත් ඒවා ඉදිරිපත් කරන්න තමන් සූදානම් බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

සිරිසේන තවත් කුමන්ත්‍රණයකට සූදානම් වෙනවා - ආශු

ජනාධිපති සිරිසේනගේ මේ ආණ්ඩු වෙනස් කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ ද චෝදනා කර සිටියි.

අරලියගහ මන්දිරයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ නැවතත් කුමන්ත්‍රණකාරී ලෙස ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් ආණ්ඩුවක් පිහිටුවීමේ උත්සාහයක් ඇති බව දැනගන්නට ඇතැයි කියාය.

ඒ ආකාරයේ ව්‍යවස්ථා විරෝධී වැඩ නැවතත් සිදුකරන්නට නොයන ලෙස ජනාධිපතිවරයාටද අනතුරු අඟවන බව ද ඔහු කියා සිටියේය.

එවන් ආණ්ඩු සෑදීමේ සාකච්චා රෑට රෑට සිදුවන බවද ආරංචි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මේ බව කියා සිටි බවත් ඔහු සඳහන් කළේය.

ඕනෑම පුද්ගලයෙකු කුමන්ත්‍රණයකින් බලයට ඒමට හෝ ඔහුගේ ජනප්‍රියත්වය වැඩි කිරීමට උත්සාහ ගන්නේ නම් එය ඔහුගේ අවසානය බව දැන ගත යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න