පුරප්පාඩු වී ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පත් කරන ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ ආසන සංවිධායකවරුන් විසින් ජනාධිපති සිරිසේන වෙතින් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි දිවයින පුවත්පත වාර්තා කරයි.
ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු උපුටා දක්වමින් වාර්තා කර ඇති එම පුවතේ වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.
මන්තී‍්‍ර ධුරයට පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඇයට ලබා දෙන ලෙස කථානායකවරයාට දැනුම් දෙන ලෙස ද එමගින් වැඩිදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
මේ පිළිබඳව විශේෂ යෝජනාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 3 වැනිදා පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහා සමුළුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
