එජාප සන්ධානයේ ලේකම් අකිල !

එජාප සන්ධානයේ ලේකම් අකිල !

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ලේකම්වරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

නව සන්ධානය සහ එහි ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අමාත්‍ය රාජිත සේනාරත්නගේ නිවසේ ඉකුත්දා පැවති සාකච්ඡාවේදීයි මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බවත් වාර්තා වෙයි.

නෙත් නිව්ස් වාර්තා කරන ආකාරයට අමාත්‍ය මංගල සමරවීර විසින් පළමුව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ නම, ලේකම් ධුරය සඳහා යෝජනා කර ඇත. එහිදී අමාත්‍ය මංගල සමරවීර පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙසද කැපී පෙනෙන වැඩ කොටසක් සාර්ථකව ඉටු කිරීමට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට හැකි වී තිබෙන බවයි.

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානය ලබන 31වැනිදාට පෙර පිහිටුවීම සඳහා වූ එකඟතාව සහිතව මෙම සාකච්ඡාව අවසන් වූ බවත් වාර්තා වන අතර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයාට සිය සහය ලබාදීමට නම් පළමුව එක්සත් ජාතික පක්ෂයේ ඇති අභ්‍යන්තර මත ගැටුම් විසඳා ගන්නැයි පාර්ශ්ව කිහිපයක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

රාවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්, පී දිගම්බරන් සහ මනෝ ගනේෂන් යන අමාත්‍යවරුන් මේ අතර සිටින බවද වාර්තා වෙයි.

නිල මාධ්‍ය ප්‍රකාශකයකුත් එයි !

මේ අතර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ තීන්දු තීරණ සම්බන්ධව නිල මතය ලබාදීම සදහා නිල මාධ්‍ය ප්‍රකාශකයකු පත්කිරීම සම්බන්ධව සාකච්ඡා සිදුවෙමින් ඇති බවත් වාර්තා වෙයි.

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න