රටේම වගකීම ගන්න සූදානම් - සජිත්

රටේම වගකීම ගන්න සූදානම් - සජිත්

මිලිටරි ආරක්ෂාවෙන් පමණක් රට ඉදිරියට ගෙන යා නොහැකි බවත්, සාමකාමී, සංවර්ධිත රටක් නිර්මාණය කිරීම සඳහා මිලිටරි ආරක්ෂාව සමග ආර්ථික, සමාජ, දේශපාලන ආරක්ෂාව තහවුරු කළ යුතු බවත් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවැසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාතලේ දිස්ත්‍රික්කයේ, ඊරියගොල්ල ඉදි වූ “ශ්‍රීමත් ඇලික් අලුවිහාරේගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (19) සහභාගී වෙමිනි.

ජාතික ආරක්ෂාව ගැන කතා කිරීමේදි ඇතැම් පුද්ගලයන් මිලිටරි ආරක්ෂාව ගැන පමණක් කතා කරන බවත්, නවීන ලෝකයේ පුළුල් විග්‍රහයට අනුව ජාතික ආරක්ෂාව යනු මිලිටරි ආරක්ෂාව පමණක් නොව ආර්ථික, සමාජ, දේශපාලන ආරක්ෂාව ඊට එකතු විය යුතු බවත් ඔහු පැවැසීය.

රට ආරක්ෂා කිරීමේ හැකියාව තමන් සතුව පවතින බැවින් රටේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් බවත් ඔහු පැවසීය.

පසුගිය රජය මෙරට ආරක්ෂක අංශ නගර සභාවේ කුණු ඉවත් කරන පිරිසක් බවට පත්කර ඔවුන්ගේ ගෞරවයට හානි කළ බවත්, තමන්ගේ රජයක් යටතේ ආරක්ෂක අංශ වලට අභිමානවත් ලෙස මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න