සිරිසේන - ශවේන්ද්‍ර ජාත්‍යන්තරයේ : ඇමරිකාවෙන් අවවාදාත්මක නිවේදනයක් !

සිරිසේන - ශවේන්ද්‍ර ජාත්‍යන්තරයේ : ඇමරිකාවෙන් අවවාදාත්මක නිවේදනයක් !

ජනාධිපති සිරිසේන විසින් හමුදාපති ධූරය සදහා ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම සම්බන්ධව දැඩි විවේචනාත්මක සහ අවවාද මට්ටමේ නිවේදනයක් ඇමරිකා එක්සත් ජනපද මෙරට තානාපති කාර්‍යාලය විසින් නිල වශයෙන් නිකුත්කර ඇත.

අදාල නිවේදනය අද (19) නිකුත්කර ඇති අතර මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සංවිධාන රැසක් විසින් බරපතල හා විශ්වාසවන්ත චෝදනා රැසක් එල්ලකර තිබියදී ඒ නොතකා ශ්‍රී ලංකා ක්‍රියා කර ඇති බවයි.

එසේම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්ති නාමයට , යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය කිරීමට සිදුකළ කැපකිරීම් හෑල්ලුවට ලක්කර ඇති බවත් එහි දැක්වෙයි.

ඇමරිකානු මෙරට තානාපති කාර්‍යාලය නිකුත්කල නිවේදනය පහත දැක්වෙයි.

IMG 20190819 WA0019

IMG 20190819 WA0020

මේ සම්බන්ධව ජාත්‍යන්තර සබඳතා විෂය පිළිබඳ විද්වතකු වෙතින් නිව්ස්ටියුබ් විමසීමක් කළ අතර එහිදී ඔහු ඊට මෙසේ ප්‍රතිචාර දැක්වීය.

දැක්මක් නැති නායකයන් රටකට නොසුදුසු බව තහවුරු කිරීමට සිරිසේන ජනාධිපති ප්‍රමාණවත් - ජාත්‍යන්තර දේශපාලන සම්බන්ධතා පිළිබඳ විද්වත් මතය මෙන්න !

රටක පාලකයෙක් වෙන්න නම් ඔහු හෝ ඇයට බල දේශපාලන වගේම ආර්ථිකය , විදේශ සම්බන්ධතා , මානව හිමිකම් , ජාත්‍යන්තර දේශපාලනය වගේ මූලික දේ සම්බන්ධව සැළකිය යුතු දැක්මක් තිබිය යුතුයි.

දූපතින් එහා මුහුදක් විතරක් නෙවෙයි ලෝකයක් ඇති බව ඒ ලෝකය බලවත් වගේම ඒ ඒ රටවල් අතර අන්තර් සම්බන්ධතා ඇති බවත් රටක් ලෙස හුදෙකලා පැවැත්මක් නැති බවත් තේරුම් ගන්න ඕන.

එහෙම කිසිම දැක්මක් නැති අවබෝධයක් නැති දේශපාලනඥයන් රටේ පාලකයන් විශේෂයෙන් ජනාධිපති වු විට ඔයවගේ අපවාදයට රට පත්කරනවා. ඔය තීරණය අරගෙන තියෙන්නේ දූපත් මානසිකත්වය නිසයි. ඒක රටේ මුල් පුරවැසියා විදියට වගකීමෙන් අරගෙන විසඳුමකට යන්න තිබුණා. දැන් ඔය ජනප්‍රිය වෙන්න, "අන්න මට ඇමරිකාවත් ගහනවා" කියලා පිම්බෙන වැඩක් ඔය කරලා තියෙන්නේ.

ඔබට මතකද 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ මෛත්‍රී යුගයක් ප්‍රතිපත්ති ප්‍රකාශය. ඒ තිබුණ විදියටද එයා වැඩ කරන්නේ ? ඔය තමයි මෛත්‍රීපාල සිරිසේන කියන සාමාන්‍ය කෙනා. එයා වෙනුවෙන් අපි ප්‍රතිපත්ති හැදුවට ඒකෙන් වෙන්නෙ ජනතාවත් ඒ ප්‍රතිපත්ති ජයග්‍රහණය කරවීමට මැදිහත්වූ පාර්ශව නින්දාවට ලක්වීම පමණයි .

ඇත්තටම මෛත්‍රී යුගය ප්‍රතිපත්ති ප්‍රකාශය පුළුල් දැක්මක් ඇතිව තිබුණත් මෛත්‍රීපාල සිරිසේන චින්තනය ඉතා ග්‍රාම්‍ය නූතනවාදි නොවන එකක්. එහෙම අය බලයට ගෙනාවම මෙහෙම සර්ප්‍රයිස් ලැබෙනවා.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න