රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් උප පරීක්ෂකවරයෙකුට පහරදීම සම්බන්ධව පසුගිය 15 වනදා අත්අඩංගුවට ගත් පොහොට්ටු පක්ෂයේ යටිනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී තුසිත වලගෙදර ලබන 24 වැනිදා තෙක් රක්ෂිත භාරයේ තබන ලෙස මහනුවර වැඩබලන මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ නියෝග කර තිබේ.
පොලිස් නිලධාරියා ද තමාට පහරදුන් බව පවසා සැකකාර මන්ත්‍රීවරයා පේරාදෙණිය රෝහලට ඇතුළත්ව ඇති අතර ඔහු නිරීක්ෂණය කිරීමෙන් පසු මන්ත්‍රීවරයා එලෙස රක්ෂිත භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
පිළිමතලාව ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුකර ඇති අතර පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා ද රෝහල් ගත කර ඇත.
පසුගිය දින කිහිපය පුරාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ විනය විරෝධී සහ නීති විරෝධී කටයුතු රැසක් සම්බන්ධව වාර්තා විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
