සංඛ්‍යාත භාවිතා කරමින් සිය විකාශන කටයුතු සිදුකරන ශ‍්‍රී ලංකාවේ සියලූම විද්‍යුත් නාලිකා එක්ව ප‍්‍රථම වරට පිහිටුවාගත් ශ‍්‍රි ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය ඊයේ ශ‍්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප‍්‍රධානීන් හමුවිය.
එම සංසදයේ නියෝජිත පිරිස ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති, ජනාධ්පති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා සහ අධ්‍යක්‍ෂ ජනරාල් ශ්‍යාමල් ජයතිලක යන මහත්වරුන් සමග සාකච්ඡා කළ අතර, එහිදී ඉදිරියේදී පැන නගින තාක්‍ෂණික කාරණාවලදී සමූහයක් ලෙස එක්ව සහයෝගයෙන් කටයුතු කරන බව ප‍්‍රකාශ වූ අතර, ඉදිරියේ දී සිදුකෙරෙන ඩිජිටල්කරණය, නෙළුම් කුලූනෙන් ඇරඹෙන විකාශන කටයුතු හා ඉඩ වෙන්කිරීම් මෙන්ම, දැනට වෙන්කර ඇති සංඛ්‍යාත පිළිබදවද සාකච්ඡා කෙරිණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
