මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු සිව් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු විසින් පිරිනමන ලද අක්තපත්‍ර අනුර කුමාර ජනාධිපතිවරයා විසින් අද (20) ජනාධිපති කාර්යාලයේදී භාර ගන්නා ලදී.
පැපුවා නිව්ගිනියා ස්වාධීන රාජ්‍යයේ මහකොමසාරිස් ලෙස Vincent Sumale, සෝමාලියානු ෆෙඩරල් ජනරජයේ තානාපති ලෙස Abdullahi Mohammed Odowa, ලක්සම්බර්ග් ජනරජයේ තානාපති ලෙස Christian Biever, වතිකානයේ අපෝස්තලික තානාපති ලෙස Monsignor Andrzej Józwowicz පියතුමාත්, පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස් ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) Nayyar Naseer, කුවේට් රාජ්‍යයේ තානාපති ලෙස Saleh Mubarak Al-Sarawi මෙලෙස සිය අක්තපත්‍ර භාර දුන් අතර ඔවුන් සියලු දෙනා වෙත උණුසුම් සුබපැතුම් එක් කරමින් ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා එක්ව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා ආරාධනා කළේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
