ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද:05 දිනයේ ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්මේන්තුව සදහන් කරයි.
ඒ පිළිබදව අදහස් දැක්වූ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියනා ගුණතිලක මහතා සඳහන් කළේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් එක් දින සේවාව අද දිනයේ පමණක් නවතා දැමීමට කටයුතු කළ බවයි.
කෙසේ වුවද පරිගණක පද්ධතිය යළි සක්ස් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක නොවුවද අනෙක් සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවද වියනා ගුණතිලක මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
