1881දී ලංකාවේ මුලින්ම පැවති ජන සංගණනයේදී මෙරට මුස්ලිම් ජනතාව 197,000ක් වූ බවත් එය 7.2%ක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.
එම වසරේදී සිංහල ජනගහනය 1,900,000 හෙවත් 66.5%ක් බවත් ඔහු සදහන් කරයි.
ඉන් වසර 130කට පසු 2011දී පැවති ජන සංගණනයේදී මෙරට මුස්ලිම් ජනගහනය 9.7%ක් හා සිංහල ජනගහනය 74.9%ක් වූ බවත් එනම් මුස්ලිම් ප‍්‍රතිශතය 2.5%කින් ඉහල යද්දී සිංහල ප‍්‍රතිශතය 8%කින් වැඩි වී ඇති බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.
1881දී 24%ක් වූ දෙමල ප‍්‍රතිශතය 16% තෙක් අඩු වී ඇති බවත් ඔහු කියයි.
මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
