නීතිය වැඩක් නැතැයි ද, මුස්ලිම් දොස්තර ගල්ගසා මරා දැමිය යුතු යැයිද, අපේ අයෙක් නම් පෙතිගසා මරා දමනවා යැයිද කියමින් මේ තරම් කුරිරු ප්‍රකාශ කරන්නේ නිකම්ම නිකම් නිකමෙකු නොව අස්ගිරි පාර්ශවයේ මහා නායකයා බව කියන වරකාගොඩ ඥාණරතන භික්ෂුවය.
මොහු මේ පවසන්නේ තලේබාන් නීතිය ලංකාවේ ක්‍රියාත්මක කළ යුතු බව නොවේද?
ජාතික සමඟියට බාධා එල්ලවෙන අන්දමේ ප්‍රකාශ නිකුත් කිරීම බරපතල වරදක්නම් වරකාගොඩ ඥාණරතන භික්ෂුව වහාම අත් අඩංගුවට ගත යුතුය. කුලවාදී සංඝ සමාජයේ එක් පාර්ශවයක් නියෝජනය කරන උන්වහන්සේ පොසොන් පෝයේ සිසිලස මැකීයාමටත් පෙර කළ මෙම සාහසික ප්‍රකාශ ජාතික සමඟියට පමණක් නොව සම්බුද්ධ ශාසනයේ ඉගැන්වීම්වලටද පයින් ගැසීමකි.
ඒ බව කැළණිය සරසවියේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්මානන්ද හිමියන් මෙහි ඇති වීඩියෝවේ පැහැදිලිව කියයි.
අස්ගිරි මහ නා ද සියළු සත්වයන් වෙත පතල මහා කරුණාවෙන් බුදු රදුන් දේශනා කළ මහා ධර්මස්කන්ධයේ ස්පර්ශය ලත් ශ්‍රී දළදා වහන්සේගේ එක් භාරකරුවෙකි.
අස්ගිරියේ වරකාගොඩ ඥානරත්න භික්ෂුව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත වලංගු නැද්ද? නීතියට උඩින් මහානායකලාට කටයුතු කළ හැකිද? අපි ජීවත් වන්නේ බලංගොඩ මානවයාගේ යුගයේ ද? මේක ශිෂ්ඨාචාර මිනිසුන්ගේ රටක්ද? නැතිනම් අන්තවාදීන්ට නීතිය ක්‍රියාත්මක නොවන අපායක්ද ?
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
