ජනාධිපති අපේක්ෂකත්වය සහ අග්‍රාමාත්‍ය ධූරය සම්බන්ධව මූලික එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් වෙනුවෙන් වන සාකච්ඡා බිඳවැටීමේ අවධානමක් මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
නව දේශපාලන සන්ධානයක් වෙනුවෙන් මේ දෙපාර්ශවයේ 6වන සාකච්ඡා වටය අද (17) විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එම සාකච්ඡාවද අවලංගු කර තිබේ.
කෙසේවුවද අදාල 6වන සාකච්ඡාව එළැඹෙන 26 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට නව සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ශ‍්‍රීලනිපය විසින් ඉල්ලා සිටීමත් සමග පොදුජන පෙරමුණෙන් දැඩි විරෝධයක් එල්ලවී පවතී.
ආරම්භයේ දී අග්‍රාමාත්‍ය ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ලබාදීමට පොහොට්ටු පාර්ශවය එකගතාවය දක්වා ඇතත් මේ වන විට පොදුජන පෙරමුණ දන්වා ඇත්තේ ජනාධිපති අපේක්‍ෂකත්වය හා අගමැති අපේක්‍ෂකත්වය වෙනත් කිසි පක්‍ෂයකට ලබා නොදෙන බවයි.
අවශ්‍ය නම් වෙනම තරග වැද එම ධුරයන් ලබා ගන්නා ලෙසද එම පක්ෂය විසින් ශ්‍රිලනිප යට දන්වා ඇති බවත් වාර්තා වෙයි.

