කුරුණෑගල ඩීඅයිජීට පරීක්ෂණ !

කුරුණෑගල ඩීඅයිජීට පරීක්ෂණ !

කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිර ජයලත් පිළිබඳව පොලිස් විශේෂ විමර්ෂන ඒකකයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ජාතීන් අතර කලබල ඇති කළ හැකි පුවතක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුවත් නොකොට මාධ්‍ය වෙත ලබා දීම, හිතාමතාම ජාතීන් අතර කලබල ඇති වීමට අනුබල දීමට හා ඔහු විසින් නිර්මාණය කරන ලද පුවතට අදාළ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමට සහ ඒ පිළිබඳ ලැබී ඇති පැමිණිලි එකින් එක විභාග කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට විශාල පිරිසක් යෙදවීමට සිදුවීම ඔහුට එල්ලවී ඇති චෝදනා වේ.

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳභාවයට පත් කරන ලද බවට මැයි 23 වැනිදා 'දිවයින' පුවත් පතේ ප්‍රධාන පුවත වශයෙන් පළකර තිබුණි. ඒ පිළිබඳව කටඋත්තර ලබාදීමේදී මාධ්‍යවේදී හේමන්ත රන්දුනු සහ දිවයින කතෘ අනුර සොලමන්ස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබුණේ තමන්ට තොරතුරු දුන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය භා නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් බවයි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහි මෙම චෝදනා ගොනු කිරීම් සිදුකර ඇත.

(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න