දෙවන වරටත් ශ්‍රී ලංකා යුධ හමුදාව සඳහා විශේෂ බුද්ධගයා චාරිකාවක් !

දෙවන වරටත් ශ්‍රී ලංකා යුධ හමුදාව සඳහා විශේෂ බුද්ධගයා චාරිකාවක් !

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ යුධ හමුදා සාමාජිකයින් 160කට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සදහා විශේෂ බුද්ධ ගයා චාරිකාවක් දෙවන වරටත් සංවිධානය කර ඇති බව වාර්තා වෙයි.

මේ පිළිබඳ නිවේදනයක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත්කර ඇති අතර දෙරටේ සන්නද්ධ හමුදා සාමාජිකයින් අතර අන්තර්ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීම සඳහා දෙරට අතර පැවති සාකච්ඡා වලින් අනතුරුව මෙම විශේෂ වන්දනා චාරිකාව පසුගිය වසරේදී ආරම්භ කරන ලද බවත් එහිදී සිහිපත්කර ඇත.

එසේම අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වෙයි.

මෙම වසරේ සංචාරය පසුගිය වසර තුළ දී සිදු කරන ලද සංචාරයට වඩා වැඩි දියුණු කර ඇති අතර සංචාරයේ දවස් ගණන දවස් දෙකේ සිට හතර දක්වා වැඩි කර ඇත. එසේම ඉන්දියාවේ සන්නද්ධ හමුදා සාමාජිකයන් 160 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ශ්‍රී ලංකාවේ සංචාරයකද නිරත වනු ඇත. මෙම සංචාරය අතරතුරදී, ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් විසින් පූජනීය මහාබෝධි විහාරය, අඩි 80ක් දිග බුද්ධ ප්‍රතිමාව වැඳ පුදා ගනු ඇති අතර රාජ්ගිර් හා නාලන්දා කෞතුකාගාරය නැරඹීමටද එක්වනු ඇත. මේ අතර ශ්‍රී ලංකා යුධ හමුදාපතිගේ විශේෂ ඉල්ලීමකට අනුව ඉන්දියානු හමුදා කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇති අතර ඔවුන් දිවයිනේ වැදගත් ස්ථාන වෙත සංචාරය කරනු ඇත. ඔවුන් මහනුවර දළදා මාළිගාව වැඳපුදා ගැනීම හා ගාල්ලේ සංචාරය කිරීමටද නියමිතය. මෙතරම් විශාල ඉන්දීය හමුදා සාමාජිකයින් පිරිසක් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ. ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදා සාමාජිකයන්ගේ සංචාර වෙනුවෙන් ඉන්දීය ගුවන් හමුදාවේ සී-17 ග්ලෝබ්මාස්ටර් (C-17 Globemaster) ගුවන් යානා ලබා දී තිබේ.

සංස්කෘතික හා ඓතිහාසික ස්ථාන වෙත සිදු කෙරෙන සංචාර වලට අමතරව හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අතර හමුවක්ද ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇත. දැනටමත් ඉතා ගැඹුරු සහ ශක්තිමත් සබඳතා පවතින දෙරටේ සන්නද්ධ හමුදා අතර පෞද්ගලික මිත්‍රශීලී සම්බන්ධතා ගොඩනැගීමට මෙම සංචාර ඉවහල් වනු ඇත.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මැතිතුමා සහ ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මැතිතුමා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය හමුදා සාමාජිකයින් පිළිගැනීමට හා ඉන්දියාව බලා පිටත් වෙන ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින්ට සමුදීමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ සිටියහ. එම අවස්ථාවේදී ඔවුහු මෙම විශේෂ සංචාරය පිළිබඳව මහත් උද්යෝගයෙන් අදහස් දැක්වූ අතර එය සංවිධානය කිරීම පිළිබඳව සිය සතුට පළ කලෝය.

4e1ccc64 b7a6 4dee 98a6 e8c345fb78bd

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න