ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් පරීක්ෂණ මණ්ඩලයකට ආවේ කෙසේද?

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් පරීක්ෂණ මණ්ඩලයකට ආවේ කෙසේද?

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සෙවීමට ජනාධිපතිවරයා පත් කළ පරීක්ෂණ මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, නියෝජනය කළේ කෙසේද යන්න නීති හා අධිකරණ ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්වෙමින් තිබේ.

නීති ප‍්‍රවීණයෙක් පැවසුවේ ව්‍යවස්ථාවේ 110 වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් වෙත ජනාධිපතිවරයාට නියම කළ හැක්කේ ලිඛිත නීතිය යටතේ උචිත කාර්යයක් කිරීමට බවය. ඒ අනුව ජනාධිපති කොමිසමකට හෝ විශේෂ කොමිසමකට එවැනි විනිසුරුවරයකු පත්කිරීමට ජනපතිට හැකියාව තිබුණද වෙනත් තනතුරක් පිළිගැනීම එවැනි විනිසුරුවරයකු නොකළ යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් බව නීති විශාරදයෙක් වන ආචාර්ය නිහාල් ජයවික‍්‍රමද පැවසීය.

මේ සඳහා අගවිනිසුරු අවසර ලබා දුන්නේද එසේ නම් ඒ කවර නීතිමය තත්ත්වයක් යටතේද යන්න ප‍්‍රශ්නකාරී බව නීති ක්ෂේත‍්‍රයේ කීපදෙනෙක්ම රාවයට ප‍්‍රකාශ කළහ.

(රාවය )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න