සෞදියේදී අත්අඩංගුවට ගත්ත තව්හිද් සාමාජිකයන් ගැන : ඉන්ටපෝල් නිවේදනයක් !

සෞදියේදී අත්අඩංගුවට ගත්ත තව්හිද් සාමාජිකයන් ගැන : ඉන්ටපෝල් නිවේදනයක් !

තව්හිද් ජමාත් සංවිධානයේ මොහොමඩ් මිල්හාන් නැමැති පුද්ගලයා සමඟ තවත් සැකකරුවන් සිව් දෙනෙකු සෞදි ජේඩා නුවරදි අත්අඩංගුවට ගැනීම සඳහා තමන් කළ රතු නිවේදනය ද බෙහෙවින් ඉවහල් වු බව ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසිය සිය වෙබ් පිටුවේ සඳහන් කර ඇත

විමර්ශන සඳහා සහය දැක්වීම යටතේ මෙම රතු නිවේදනය නිකුත් කළ බව ඉන්ටර්පෝල් ආයතනය සඳහන් කර ඇත.

ජාත්‍යන්තර පොලීසිය පවසා ඇති ආකාරයට පාස්කු ඉරිදා (4-21) ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව විමර්ශනවලට සහය වීම සඳහා තමන් හදිසි ප්‍රතිචාර කණ්ඩායමක් මෙරටට එවා ඇත.

මැද පෙරදිගදී අත්අඩංගුවට ගත් අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් නමැති මෙම සැකකරු ඇතුළු 5 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් විසින් ඊයේ (14) දිවයිනට රැගෙන එනු ලැබී ය.

ජාත්‍යන්තර පොලීසිය පවසන්නේ, එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ ශ්‍රී ලංකාවට උදර්පනය කිරීම දැනට ක්‍රියාත්මක විමර්ශන සඳහා වැදගත් පියවරක් බව ය.

ඒ සඳහා සහයෝගය දැක්වීමට හැකිවීම පිළිබඳව සතුටු වන බව ජාත්‍යන්තර පොලීසියේ මහ ලේකම් යර්ගන් ස්ටොක් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න