කබීර් කියන එජාප අපේක්ෂකයා සජිත්ද ?

කබීර් කියන එජාප අපේක්ෂකයා සජිත්ද ?

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන්නේ සියලු ජනතාව ඉල්ලා සිටින අපේක්ෂකයා බවත්, ඒ අපේක්ෂකයා කවුරුදැයි සියලු ජනතාව දන්නා බවත් එජාප සභාපති, හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

ඒ අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ අයකු බවත්, එක්සත් ජාතික පෙරමුණේ අනෙකුත් පක්ෂවලට ඒ සඳහා සහයෝගය දිය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැදැකීමෙන් පසු ඒ මහතා මේ බැව් කීය.

හිටපු අමාත්‍යවරයා මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන්ද බැහැ දුටුවේය.

2013 -2014 වන විට මැතිවරණයක් ජයගත හැකි තත්ත්වයක එ.ජා.ප. ය නොසිටි නමුත් අනෙක් පැත්ත කරකවා ආණ්ඩුවක් ලබා ගනිමින් නොහැකි දේ ඉටු කළ බවත් හෙතෙම පැවසීය.

එහෙත් මෙවර ජනාධිපතිවරණය ජය ගැනීම එයට වඩා ඉතාම පහසු බවත් එලෙස ලෙහෙසි වන්නේ කුමක් නිසාදැයි ඉදිරියට තේරුම් යනු ඇති බවත් හෙතෙම පැවසීය.

ලබන ජනවාරි මාසය වන විට රටේ ප්‍රධාන පුටුවෙහි වාඩි කරවනුයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙකු බවද එම අපෙක්ෂකයා කවරුන්ද යන්න නිසි වෙලාවට ප්‍රකාශ කරන බවද ඔහු රටේම ඉල්ලීම බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

(සිළුමිණ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න