විශේෂ කාරක සභාව අඛණ්ඩව යා යුතුයි - සරත් විජේසූරිය

විශේෂ කාරක සභාව අඛණ්ඩව යා යුතුයි - සරත් විජේසූරිය

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේද ඉල්ලීම මත පාස්කු දා ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමේ තේරීම් කාරක සභාවෙන් අනාවරණය වන පරිදි එම ප්‍රහාරයේ වගකීමෙන් ජනාධිපතිවරයාට මිදිය නොහැකි බව මහාචාර්ය සරත් විජේසූරිය පැවසීය. 

කමිටුවේ ක්‍රියාකාරීත්වය අනුව ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව නොතකා කටයුතු කර ඇති බව අනාවරණය වනවා. නිලධාරීන් කිහිප දෙනෙකුගේ ඇගට මෙහි වගකීම පවරා ජනාධිපතිවරයාට නිදහස් වීමට හැකියාවක් නැති බවත්, මේ සිදුවීම වන විට ජනාධිපතිවරයා වැඩ බලන ආරක්ෂක ඇමතිවරයෙක් පත් නොකර රටින් පිටව ගොස් සිටි බවත් ඔහු අනීතිකව නීතිය හා සාමය භාර අමාත්‍යාංශය තමා යටතට ගෙන තිබීම නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ වගකීමෙන් ඔහුට කිසිසේත් මිදිය නොහැකියි. ඔහු කුපිත වී කැබිනට්ටුව වර්ජනය කරමින් තේරීම් කාරක සභාව අහෝසි කරන්නට උත්සාහ කරන්නේ තමන්ගේ රැකවරණයට මිස වෙනත් අර්ථයකින් නොවේ. එනිසා තේරීම් කාරක සභාව දිගටම පවත්වාගෙන යා යුතුයි. නැත්නම් ජනාධිපතිවරයාට තම බලතල භාවිත කර තමන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමටට ඕනෑම වරදක් වසං කිරීමට මෙයින් හැකියාව ලැබෙනවා. එය වැරදි පූර්වාදර්ශයක්“ යැයි මහාචාර්ය සරත් විජේසූරිය වැඩිදුරටත් පැවසීය.

රාවය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න