තැපැල් සේවා හා මුස්ලීම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැඩ බැලීම සදහා කිසිදු අමාත්‍යවරයකු පත්කිරීමට ජනාධිපති සිරිසේන කටයුතු කර නොමැති බව වාර්තා වෙයි.
මේ වන විට තැපැල් සේවා සහ මුස්ලීම් ආගමික කටයුතු භාර අමාත්‍යවරයා වූ අබ්දුල් හලීම් අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති අතර ඒ සදහා වැඩ බැලීමට අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පත්කිරීමට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව දන්වා ඇත.
එහෙත් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ සම්බන්ධව කිසිදු ප්‍රතිචාරයක් ජනාධිපති සිරිසේන වෙතින් ලැබී නොමැති බවයි.
ජනාධිපති සිරිසේනගේ මේ හැසිරීම ඉතා අප්‍රසන්න බවත් පාර්ලිමේන්තු වරප්‍රසාද නොතකා කරන එම ප්‍රතික්‍රියා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පදනමට හානි කරන්නක් බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
