ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් ජනාධිපති සිරිසේන වෙත විශේෂ සංදේශයක් ලබාදෙමින් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
අද (06) ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, රංජිත් සියඹලාපිටිය මේ සංදේශය ලබාදී තිබේ.
ඉදිරියේදී ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ විරෝධී පිරිස් එකතුකරගත් ප්‍රගතිශීලී සන්ධානයක් ගොඩනැගීමටත් ඒ ප්‍රගතිශීලී සන්ධානය හැදීමට නායකත්වය ගන්නා ලෙසත් මේ සංදේශය හරහා ජනාධිපතිගෙන් ඉල්ලා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
