මත්පැන් පානය කර පිලියන්දල පොලිසිය තුළ දී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් චෝදනා ලද බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී සලෝචන ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරියේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සලෝචන විල්සන් , ෂම්මි නයනජිත් හෙට්ටිආරචිචි, ඩබ්ලිව්.ජී.වසන්ත, දයාසිරි පෙරේරා, ටී.ඩබ්ලිව්.ඩී සම්පදි, ඩී.කේ දමින්ද හා ඇනස්ලි රෝහිත යන අයවලුන්වය.
හිටපු මන්ත්‍රීවරයාගේ රියදුරු මත්පැන් පානය කර රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පිලියන්දල පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් පසු සැකකාර මන්ත්‍රීවරයා ඇතුළු පිරිස බීමත්ව පොලිසිය තුළට කඩා වැදී ස්ථානාධිපතිවරයාට සහ සෙසු පොලිස් නිලධාරීන්ට බැන වැදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ඔවුන් පිරිස ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
