ගලගොඩ අත්තේ ඥාණසාර හිමි නිදහස් කිරීම වෙනුවෙන් වන ලිපියට ජනාධිපති සිරිසේන අද (22) අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති කාර්‍යාල ආරංචි මාර්ග මේ බව තහවුරු කර සිටියි.
එසේම මේ සම්බන්ධව බොදුබල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ දිලන්ත විතානගේ වෙතින් කල විමසීමේදී ඔහු ද ඒ බව තහවුරු කර සිටියේය.
ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් නිදහස් කර ගැනීමට නන් අයුරින් සහය ලබාදුන් සැමට තමන් ස්තූති කරන බවත් ඔහු පැවසීය.
එසේම ඥාණසාර හිමි නිදහස් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම ගැන විශේෂ ස්තුතිය පළකරන බවත් ඔහු පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
