මිනිසුන්ගේ තෘප්තිය සම්බන්ධ කාරණා ක්‍රිමිනල් ප්‍රශ්න කිරීම අවධානම් - දීප්ති

මිනිසුන්ගේ තෘප්තිය සම්බන්ධ කාරණා ක්‍රිමිනල් ප්‍රශ්න කිරීම අවධානම් - දීප්ති

මත්පැන් පානය සහ දුම්පානය ලංකාවට අසනීපයක් වුවත් මේ දේවල් වැඩිහිටියන් සතු අයිතිවාසිකම් බව ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දීප්ති කුමාර ගුණරත්න සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ කාන්තාවන් සඳහා මත්පැන් මිලදී ගැනීම සහ මත්පැන් අලෙවිසැල් විවෘතව තැබෙන වෙලාව සංශෝධනය කරමින් මුදල් අමාත්‍යංශය නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජනාධිපතිවරයා ගනුලැබූ තීරණය සම්බන්ධව අදහස් දක්වමින්ය.

එම අදහස් දැක්වීම මෙසේය.

“ජනාධිපතිවරයා විසින් ලිහිල් කරන ලද මත්පැන් පනත අහෝසි කරනවා නම් ඒ සම්බන්ධව මෙසේ පැවසිය යුතු වෙනවා. මත්පැන් දුම්වැටි කියන දේ ලංකාවෙ සදාචාරය ඇතුළත ගොනුවෙලා තියෙන දේවල්. සාමාන්‍යයෙන් ලංකාවට මේක අසනීපයක් වුණත් පොදුවෙ ගත්තම මත්පැන් පානය සහ දුම් පානය වැඩිහිටියන් සතු අයිතිවාසිකමක්. වයසින් අඩු දරුවන් මේ වගේ දේට යොමුව ඇත්නම් ඒක නීතියෙන් පාලනය කරන්න ඕනෙ. නමුත් වයස අවුරුදු 18ට වැඩි නම් ඕනෙම කෙනෙකුට මේ අයිතිවාසිකම තියෙනවා. ඒක ලෝකයේ හැම රටකම තියෙන දෙයක්.”

“මෑතකදී කැලිපෝනියාවෙ ගංජා ගස් හයක් වවාගත හැකිවෙන අන්දමේ අලුත් නීති ගෙනාවා. ඒ මිනිසුන්ගෙ තෘප්තිය සඳහා. ඊට අමතරව තව දුරටත් මත්ද්‍රව්‍ය ආදිය ක්‍රිමිනල් ප්‍රශ්න බවට පත්කිරීමෙන් මිනිසුන් තව තවත් ඒවට පෙලඹීමට ඉඩ ඇති බව පසුගිය දවසක වර්ජින් එයාර්වේස් හි අයිතිකරු රිචඩ් බෙන්සින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙදි පැවසුවා. අපේ රටෙත් මුදල් ඇමතිවරයා යම් ආකාරයකට මත්පැන් ශාලා විවෘතව පවතින වේලාව පිළිබඳව යම් ලිහිල් කිරීමක් කළා. එහෙම කළේ සංචාරක ව්‍යාපාරය පදනම් කරගෙන. ඒක එහෙම ලිහිල් කළේ ලංකාවෙ අය පදනම් කරගෙන නෙවෙයි. නමුත් ඒ ගැන මිනිස්සු දන්නෙ නැහැ. ඒ වගේම ස්ත්‍රීන් ට කවුන්ටරයෙන් මත්පැන් ඉල්ලීමට තියෙන අයිතිය පිළිගන්නව කියන තැනටත් ආවා. මම දකින විදියට මේක අයිතිවාසිකමක්.”

“මත්පැන් ආදී ප්‍රශ්න දිහා සදාචාරාත්මක දෘෂ්ටියකින් බලන මේ අසනීපය ලංකාවට ගෙනාවෙ නවසිය අනූගණන්වල අගදි ජාතික හෙළ උරුමය. ජාතික හෙළ උරුමය කියන්නෙ කන්නෙ බොන්නෙ නැති අය ඉන්න තැනක්ද කියන ප්‍රශ්නය මතු කරන්න වෙනවා. මොකද ඒ අය හොඳට කනව බොනවා. ගම්වල ඉන්න මිනිස්සු මෝඩයෝ කියල හිතල දාන නීති රීති විදියට මම මේක දකිනවා. ඒ නිසා මගෙ අදහස වෙන්නෙ මේ වගේ දේවල් තව දුරටත් හරියන්නෙ නෑ. 21වන සියවසේ තව ටික කාලයක් යද්දි අලුත් පාලකයො බිහිවෙද්දි,මේ වගේ අදහස් නැතිවෙලා යාවි.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න