''අපේ බොන්ඩ්ලත් හොරකං කලා. ඒක තමයි ඇත්ත.'' - රන්ජන් කියයි

''අපේ බොන්ඩ්ලත් හොරකං කලා. ඒක තමයි ඇත්ත.'' - රන්ජන් කියයි

බැඳුම්කරයේදී හොරකමක් සිදුවූ බවත් ඊට ඇතැම් එක්සත් ජාතික පක්ෂ ප්‍රධානින් වගකිවයුතු බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂ ප්‍රචාරක ජන හමුවක් අමතමිනි.

වංචා දුෂණ වලට එරෙහිව කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රැකගැනීම එක්සත් ජාතික පක්ෂයේ වගකීම බවත්, ඔහුව පරණ හොරු ළගට තල්ලු නොකළ යුතු බවත් ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමතිවරයා මෙසේද සඳහන් කළේය.

''අපේ එවුනුත් ලේසි නෑ. අවුරුදු විස්සක් හිටියේ විපක්සේනේ. ඒ හන්ද කෙලගෙන කෙලගෙන ගියා. ඒක තමයි ඇත්ත කතාව.

මට හෙට ආසනේ නැතිවුණත්, මාව පක්‍ෂයෙන් එලෙවුවත්, බැදුම්කර හොරකමක් සිද්ද වුනා. ඒක තමයි ඇත්ත කතාව. බොරු කියන්න බෑ. මුඛ පිලිකා එනව.

අපේ අයත් හොරකං කලා. ඒක තමයි ඇත්ත.

එතකොට ඒ හොරු අල්ලන එක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙ යුතුකමක්. ඡන්ද පොරොන්දුවක්. ජනාධිපති කොමිසමක් දාල ඒ හොරු අල්ලන්න අද මූලික පියවර අරන් තියෙනව.

මම එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් ඇතුළු සියළු දෙනාගෙන් ඉල්ල හිටින්නෙ මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඒක ගැටුම් ඇති කරගන්න අවශ්‍ය නෑ. මේ අපේ ජනාධිපති. එතුමා දින්නෙ අපේ ඡන්දවලින්.

අපි ඇයි මෛත්‍රීපාල ජනාධිපතිතුමාව අර පරණ හොරු ටික ළගට තල්ලු කරන්නෙ. එහෙම කරන්න හොද නෑ’

වීඩියෝ

IMG 0629

IMG 0628

IMG 0633

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න