ජනාධිපතිවරයා බාල ජනප්‍රියත්වය බලාගෙන වැඩ කරන තැනට වැටිලා - ටිල්වින් සිල්වා (වීඩියෝ)

ජනාධිපතිවරයා බාල ජනප්‍රියත්වය බලාගෙන වැඩ කරන තැනට වැටිලා - ටිල්වින් සිල්වා (වීඩියෝ)

කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමේ සහ රාත්‍රී 10.00 දක්වා මත්පැන් වෙළඳසැල් විවෘතව සම්බන්ධව නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජනාධිපතිවරයා ගනුලැබූ තීරණය බාල ජනප්‍රියත්වය පතා සිදුකළ ක්‍රියාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මේ අදහස් පලකළ අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ අමාත්‍යාංශයක් බැවින් ඊට අදාළ තීන්දු තීරණ ගතයුතුව තිබුණේද අමාත්‍ය මණ්ඩල හමුවකදී බවත් එසේ නොමැතිව මැතිවරණ වේදිකාවක මෙවැනි තීරණ ගැන කතා කිරීම ජනාධිපතිවරයාට සුදුසු නොවන බවය.

එසේම අදාළ සිදුවීම සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත් වුයේ රේඩියෝව හරහා බව පැවසීමත් මීට පෙර රටේ පොහොර හිඟය දැනගත් බව කීවේ පත්තරෙන් බව පැවසීමත් තුළ රටේ තීන්දු තීරණ ගැනීම සම්බන්ධව ගැටළු සහගත තත්ත්වයක් පෙන්නුම් කරන බවද ප්‍රධාන ලේකම් වරයා සඳහන් කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න