හෙළ බොදු සවිය ජනාධිපතිට පිං දෙයි

හෙළ බොදු සවිය ජනාධිපතිට පිං දෙයි

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් කාන්තාවන් සඳහා මත්පැන් මිලදී ගැනීම සහ ඒ ආශ්‍රිත රැකියා කිරීම සම්බන්ධව පැවති තහනම ඉවත් කරමින් නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කිරීම පිළිබඳ හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංස හිමි ජනාධිපතිවරයාට පුණ්‍යානුමෝදනා කර ඇත.

මේ බව දැනුම්දෙමින් සභාපති හිමියන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති අතර තවද මෙවැනි සදාචාරමය සහ සංස්කෘතිකමය වැනි සංවේදී කාරණා වලදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දැනුවත් නොකිරීම සම්බන්ධව කණගාටු වන බවද එම ලිපියේ සඳහන් කර ඇත.

එසේම මෙයින් මතුවට ඉහත කී අන්දමේ යෝජනා ගෙන ඒමට පෙර ජනාධිපතිවරයා දැනුවත් කරන ලෙස සියළු අමාත්‍යවරුන්ට නියෝග කරන ලෙසද අවධාරණය කරන බවද අදාළ ලිපියේ සඳහන්ය.

 එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වත්මන් යහපාලන රජය අපහසුතාවයට පත්කිරීමේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක් රජය තුළින්ම ක්‍රියාත්මක බව අද වන විට පැහැදිළි වන බවය.

math

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න