වෙසක් සැමරුමට ජාතික තරුණසේවා සභාවෙන් පුළුල් දායකත්වයක් !

වෙසක් සැමරුමට ජාතික තරුණසේවා සභාවෙන් පුළුල් දායකත්වයක් !

මුළු රටම වෙසක් කළාපයක් කිරීමේ අරමුණින් දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා සෑම මංමාවතක්ම බෞද්ධ ධජවලින් වර්ණවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය මේ වන විට සුදානම්කොට ඇත.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාගේ සංකල්පයකට අනුව දියත් කරන මෙම වැඩසටහන දිවයින පුරා විසිරී ඇති යෞවන සමාජ නියෝජනය කරන තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ තරුණ නායක නායිකාවන්ගේ සංවිධාන ශක්තියෙන් ක්‍රියාවට නැංවීමට නියමිතය.

ඒ පිළිබව සාකච්ඡාවක් ඊයේ (09) නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විනි. මෙම අවස්ථාවට සඳහා ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් සහභාගිවී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න